අස්ගිරි පාර්ශවෙයන් රජයට නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව රජය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට රටට බුද්ධ ශාසනයට මෙන්ම ජනතාවට එල්ල වන විවිධ අභියෝග, මැති ඇමතිවරුන් හා වෙනත් පුද්ගලයින් විසින් භික්ෂූන් වහන්සේට නින්දා අපහාස සිදුකිරීම, ජාතිවාදී හැගීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයින්ගේ ප‍්‍රකාශ හා ඒවාට ප‍්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඩ කිරීම සඳහා රජය දරන උත්සාහයට අප‍්‍රසාදය පළ කිරීම ඇතුළු කරුණු 08ත්සම්බන්ධයෙන් මෙමඟින් අවධානය යොමුකර ඇත.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍ය ආගම්වලට ගරු කරමින් ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක් බව සිහිපත්කරදී ඇත. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් ද මෙම නිවේදනයට කරුණු ඇතුළත් වී තිබේ. එමෙන්ම බෞද්ධ භික්‍ෂූන්වහන්සේ අමතන ආකාරය සම්බන්ධයෙන් ද මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එමෙන්ම සිංහල හා බෞද්ධයින් ඉලක්ක කරගනිමින් නව නීති රීති හඳුන්වාදීමට උත්සාහ කිරීම තුළින් සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගැනීම, ජාතික සංහිඳියාවට මුවාවී සිදුකරනු ලබන රක්ෂිත හා ඒ ආශ‍්‍රිත ඉඩම් මංකොල්ලය, පෞරාණික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම හා සංවර්ධනය පසෙකලා එම ස්ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග ඇතුළු කරුණු අටක් පිළිබද අස්ගිරි පාර්ශවය රජයේ අවධානයට යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 9 =