පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබේ.

ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වී පැය 48 ක් ගතවන්නටත් මත්තෙනි.

කුම්ලේ සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අතර හටගත් ගැටළුවක් මෙම තීරණයට හේතු වන්නට ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනිල් කුම්ලේ පවසා ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොදම අවස්ථාව බවය. කෝලි සහ තමා අතර තිබූ සබදතාව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවද අනිල් කුම්ලේ පවසා තිබේ.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එක්දින තරගාවලියක් සදහා ඉන්දීය කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට දින 4 ක් තිබියදී වීමද විශේෂත්වයකි.

මේවන විට 46වැනි වියෙහි පසුවන කුම්ලේ2016 වසරේ ජුලි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් එක් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයක දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =