පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවිය හා සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනීමට එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය සමත් වී තිබේ.

නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය විසින් මෙම ග්‍රහලෝක දහය සොයාගෙන ඇත. ඒවා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ක්ෂීරපථයෙහි පිහිටා ඇති බව වාර්තා වේ.

එම ග්‍රහලෝකයන්හි ජලය හා ජීවීන්ට හිතකර ද්‍රව්‍ය අඩංගු බවට විශ්වාස කෙරේ. එම ග්‍රහලෝකයන්හි පාෂාණ හා කදු පන්ති පවතින අතර පෘථිවිය තරම් විශාලත්වයකින් ද යුතු වේ. ඒවාට ආවේණික සූර්යයන් ද පිහිටා තිබේ.

එම ග්‍රහලෝකයන්හි ජීවයක් ඇති බවට සියයට සියයක් විශ්වාස නොකරන නමුත් බොහෝ දුරට ජීවයන් පවතිනු ඇති බවට නාසා ආයතනයේ විද්‍යාඥයින් විශ්වාස කරනු ලැබේ.

කෙසේ නමුත් මෙම ග්‍රහලෝක පෘථිවියට සමාන අයරින් ජීවයට සහය දැක්වීමට තරම් උණුසුම් හෝ සීතලකින් සමන්විත නොවේ.

නාසා ආයතනය 2009 වසරේ දී කෙප්ලර් දුරේක්ෂය දියත් කරන ලදී. ඒ පෘථිවියට සමාන වෙනත් ග්‍රහලෝක තවත් පවතීද යන්න සොයා බැලීම සදහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *