ඩෙංගු මදුරුවා නසන්නට තවත් මදුරුවෙක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග සාකච්ජා කොට බැක්ටීරියාවක් ලබාගැනීමට අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය ඩෙංගු මදුරුවන් මර්දනය සදහා ශාක භක්ෂක මදුරු විශේෂයක් සොයාගෙන ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථානවල එම මදුරුවන් ද බිත්තර දැමීම හේතුවෙන් අදාළ මදුරු කීටයා ඩෙංගු මදුරු කීටයා විනාශ කරන බව ද කියා සිටියේය.

මේ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණ නිමකර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද(21) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ ඩෙංගු මර්දන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දිගින් දිගමට සිදු කරන බව ය.

පසුගිය මාර්තු මාසයේ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර පරිශ්‍ර ලක්ෂ 7ක් පරීක්ෂා කළ අතර එහිදී 20%ක ඩෙංගු කීටයන් සිටි පරිශ්‍ර හමු වී තිබුණි.

මදුරු මර්දනය සඳහා දුම් ගැසීමේ යන්ත්‍ර 500ක් ගෙන්වා තිබෙන බවත් ඩෙංගු මර්දන කීටයෙක් ඇති කිරීම හා ඩෙංගු මර්දන බැක්ටීරියාවක් ගෙන්වීම කඩිනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *