නවතම Audi Q2දැන් ශ‍්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සමාගමක් වන Audi හි නවතම මාදිලිය වන Audi Q2 රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

නවතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙය හඳුන්වාදීමේ මිල යටතේ රුපියල් මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගැනීමට හැකියාව තිබේ.

ජවය, බලය හා කඩවසම් බව මනාව එක්තැන් කළ Audi Q2 ඕනෑම ආකාරයේ මාවතක් සිත් සේ තරණය කිරීමේ හැකියාවෙන් යුත් රථයකි.

Audi Q2 රථයේ ඇතුළත 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස මනා සුවපහසුවකින් හා ඉඩපහසුවකින් යුක්ත ය. රථයේ බාහිර සැලැස්මේ අලංකාර ආනතීන්ට ගැළපෙන ලෙස මෙහි ඇතුළතද නිමවා තිබේ.

රියදුරු අසුනේ පිහිටීම Sports කාණ්ඩයේ රථයකට සමාන වන අතරම SUV කාණ්ඩයේ රථවලට ආවේණික වන පරිදි හාත්පස ඉතා පැහැදිලිව දිස්වන ආකාරයට ස්ථානගත වී ඇත.

බඩු රැගෙන යාම සඳහා ලීටර 405 ක ඉඩකඩක් මෙන්ම ආසන එකින් එක වෙනවෙනම පහත්කර වැඩි ඉඩකඩක් නිර්මාණය කරගැනීමේ හැකියාවද මෙහි පවති.

Turbocharged එන්ජිමකින් සමන්විත Audi Q2 SUV රථය බර හැකිතාක් අවම වන තාක්ෂණයක් භාවිතයෙන් නිමවා ඇති නිසා වැඩි වේගයක් ලබාගැනීමේ හැකියාව පවතී.

එහි එන්ජිම නිපදවා ඇත්තේ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලැබෙන පරිද්දෙනි.

එමෙන්ම එහි වේග 7 ස්වයංක‍්‍රීය ද්විත්ව-ක්ලච් ගියර පද්ධතියට ඇසිපිය හෙළන සැණින් ගියර මාරු කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම එහි ‘Progressive Steering’ විශේෂාංගයද අඩංගු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *