ප්‍රංශ අධිකරණ කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ රජයේ තවත් සාමාජිකයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එරට අධිකරණ කටයුතු අමාත්‍ය ප්‍රංශුවා බේරු මෙසේ සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඔහු ජනාධිපති මැක්රෝන්ගේ පාලක සන්ධානයට අයත් මෝඩෙම් පක්ෂයේ සාමාජිකයෙකි.

ප්‍රංශ ජනාධිපතිවරයා යුරෝපා සංගමයේ ප්‍රතිපාදන තම පක්ෂයේ කටයුතු සදහා භාවිත කළ බවට මෝඩෙම් පක්ෂය චෝදනා කරනු ලැබේ. මීට පෙර එම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ භෞමික සමගිය පිළිබද අමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + eight =