බ්‍රිතාන්‍ය පිලිප් කුමරු රෝහල් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ ස්වාමියා වන පිලිප් කුමරු රෝහල් ගත කර ඇත.

කෙසේ නමුත් පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බව අතර ඔහුගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

දැනට 96 වැනි වියේ පසුවෙන පිලිප් ආදිපාදවරයා සිය නිල කටයුතු වලින් ඉවත් වෙන බව පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත්කළේය.

රැජින පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවවල දී පිලිප් කුමරුන් ද චාරිත්‍රයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වන නමුත් රෝහල්ගත කරනු ලැබීම නිසා ඔහුට මෙවර එම අවස්ථාව අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *