මොසූල් නගරයේ දේවස්ථානයකට අයිඑස් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉරාකයේ මොසූල් නගරයේ පිහිටි අල් නූරි දේවස්ථානය අයි එස් ත්‍රස්තයින් විසින් පුපුරවා හැරි බව එරට හමුදා අංශ සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

2014 වසරේදී අයි එස් ත්‍රස්ත නායක අබූ බකර් අල් බැග්ඩෑඩි මෙම ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානයේ සිට ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් වේ.

කෙසේවෙතත් අයි එස් ත්‍රස්ත සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අමෙරිකානු ගුවන් යානයක් දේවස්ථානයට ප්‍රහාර එල්ල කල බවය.

මෙම ප්‍රහාරයෙන් දේවස්ථාන ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව ගුවන් ඡායාරූප මගින් හෙලි වී තිබේ.

ජිහාඩ්වාදී ත්‍රස්තයින් ඉරාකයේ සහ සිරියාවේ ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථාන රැසක් විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය පිළිබදව අදහස් දැක්වූ ඉරාක අගමැති හයිදර් අල් අබාදි කියා සිටියේ මෙය අයි එස් ත්‍රස්ත සංවිධානය සිය පරාජය නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් බවය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනුයේ මිනිස් පළිහක් ලෙසින් මොසුල්හි 100,000 කට අධික පිරිසක් රැඳී සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *