රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර ඇත.

එසේම අද දහවල් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙම වර්ජනය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.

ඒ අනුව මෙතෙක් වර්ජනය අවසන් කෙරෙන දිනයක් හෝ වේලාවක් තීරණය කර නොමැත.

ඩෙංගු වසංගත තත්වයක් රට පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන අවස්ථාවක මෙවැනි වැඩ වර්ජනයක් සිදු කිරීමෙන් ඩෙංගු රෝගීන්ට සිදු වන බලපෑම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

කෙසේ නමුත් ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා රෝහල් තුළ වර්ජනය සිදු නොකෙරෙන බවත් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් තුළත් හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *