සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට අලාභ කළ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පා කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය අතර තුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිලි පරිශ්‍රය තුළට නීති විරෝධී ලෙස අනවසරයෙන් ඇතුළු වී රජයේ දේපළවලට සහ වාහනවලට ඊයේ(21) දැඩි ලෙස අලාභ හානි සිදු කර තිබුණි.

ඒ සම්බන්ධව මේවන විට පුළුල් විමර්ශනයක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ආරම්භ කර ඇත.

මේවන විට සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

එසේම ආවේක්‍ෂන කැමරා සමීප ඡායාරූප හා අනෙකුත් සාක්‍ෂි උපයෝගී කර ගනිමින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කරන ලද පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොපලා නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 4 =