කටාර් හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,”කටාර් හි අර්බුදය විසදීමට රජයේ හැකියාව පිළිබඳ සැකයක් ” යැයි පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියකට පිළිතුරු ලබාදෙමිනි.

කටාර්,එක්සත් අරාබි එමිර් රාජ්‍යය,බහරෙන්, සෞදි අරාබිය හා ඊජිප්තුවේ තනාපති කාර්යාල හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය වත්මන් තත්ත්වයේ වර්ධනයන් ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර ගල්ෆ් කලාපයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් කටාර් හි පවතින වත්මන් තත්ත්වය ස්ථාවර හා සන්සුන් බව කටාර් හි බලධාරින් සහතික කර ඇත.වත්මන් තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලංකිකයෙක් හෝ ව්‍යාපාරිකයකුට බලපෑමක් සිදුව ඇති බවට වාර්තා වී නෑත.හදිසි තත්ත්වයකදී රට වැසියන් යළි මව්බිමට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර කටාර් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලු ශ්‍රී ලාංකිකයන් උපරිමයෙන් රැකබලා ගැනීමට කටයුතු කරයි.

පසුගිය රජය සමයේ මෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හුදෙකලා වී නොමැති බව යළිත් අවධාරණය කරන අතර ජාතික සයෝගිතා රජයේ නව විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් අතීතයේ සිදු වූ වැරදි නිවැරැදි කර කිසිවෙකු සමඟ සතුරු නොවන සැමදෙනා සමඟ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සමත් වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *