තායිලන්ත රජුට වායු පිස්තෝල ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ සංචාරයක නිරතව සිටින මහා වජිරලොන්කොන් රජු මියුනික් ගුවන් තොටුපල අසල දී වායු පිස්තෝල ප්‍රහාරයක් එල්ල වී ඇත.

නව යොවුන් තරුණයින් දෙදෙනෙකු එල්ල කල වායු පිස්තෝල ප්‍රහාරයකින් තායිලන්ත රජුට කිසිඳු හානියක් සිදු වී නොමැති බව ජර්මානු බලධාරීන් පවසා තිබේ.

මහා වජිරලොන්කොන් රජු මියුනික් ගුවන් තොටුපල අසල පාපැදියක් පදවමින් සිටින අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවයේ දැක්වේ.

ප්‍රහාරය සිදු කළ නව යොවුන් තරුණයින් දෙදෙනා පිළිවෙළින් අවුරුදු දහතුන සහ දාහතර වයස් වල පසුවන්නන් වේ. ඔවුන් ජූනි දහවනදා මෙම වෙඩි තැබීම සිදු කල බව බලධාරීන් ප්‍රකාශ කළේය. ඔවුන් රජතුමා වෙත ප්‍රහාර එල්ල කල ද, ඉන් වෙනත් කිසිවකුට හානි සිදුවීද යන්න පිලිබඳව ‍ හෙළිවී නොමැත.

කෙසේවෙතත්, රජතුමා තමාට ප්‍රහාර එල්ල කළ නව යොවුන් තරුණයන්ට එරෙහිව පියවරක් ගැනීමට උනන්දුවක් නොමැති බව ජර්මානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *