දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය ධාවනයට බාධා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

දුම්රිය රියදුරු සහායකවරුන්ගේ සංගමය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් සිදුව නොමැති බව දුම්රිය රියදුරන් පෙන්වා දී ඇත. කෙසේ නමුත් දුම්රිය ධාවන කටයුතුවලට ඇතැම් පිරිස් බාධා එල්ල කරන බවට තොරතුරු ලැබී තිබේ.

ඒ පිළිබඳව අග්‍රමාත්‍ය ලෙකම්වරයා විසින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා පොලීසියට දැනුම් දී ඇත.

දුම්රිය රියදුරු සහායකවරුන්ට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය සූදානම් බවද අග්‍රමාත්‍ය ලේකම්වරයා දැනුම් දීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *