රාජ්‍ය දේපළවලට හානි කළ අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – පොදු දේපල පනත යටතේ රාජ්‍ය දේපලවලට හානි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොලවලට දැඩි හානි සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය අවට සීසීටිවී දර්ශන පරීක්‍ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් සංවිධාන කිහිපයක් ඊයේ(21) මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවයි ඊට මුල් විය.

මෙම ගැටුමේදී තුවාල ලැබූ සිසුන් පනස් හත් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු රෝහල්ගත කර ඇත.

ඊයේ බදාදා දිනය මහජන දිනය වු බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීමට පැමිණි සාමාන්‍ය ජනතාව ද පත් වූයේ දැඩි අසීරුතාවකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *