සංවර්ධන ලොතරැයියේ ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා මේ වන විට සියයට 04ක් ඉදිරියෙන් සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා පැවසීය.

එය වසර අවසානයේ 12% ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබියදීත් එහි ආදායම ගියේ මහා භාණ්ඩාගාරයට නොවන බවත් 50% බැගින් ජනාධිපති අරමුදලට සහ මහපොළ ශිෂ්‍යත්වයට බවත් රොමේෂ් ජයවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *