අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණ නියෝග කඩකරමින් පෙළපාලිවලින් පැමිණ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවී රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීම ඔහුට එරෙහි චෝදනාව වේ.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මරදානේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේ දී යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *