අමෙරිකාවේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සුළි සුළං සමඟ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිව තිබේ.

මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් ඇලබාමා වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ. ඒ අසළ පිහිටා ඇති ඩෝෆින් දිවයිනේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ රළ පහරවල් හේතුවෙන් ප්‍රදේශයේ වෙරළ තිරයන්ද වසා ඇති බව පොලීසිය පවසයි.

ඇලබාමා ප්‍රාන්තයට තවදුරටත් වැසි ලැබිය හැකි බව කාලගුණ අංශ නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 5 =