ඇෆ්ගනිස්ථානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම්

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට ඇෆ්ගන්ස්ථානය සහ අයර්ලන්තය සමත් ව ඇත.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය ටෙස්ට් වරම් දිනාගත් 11 වන හා 12 වන රටවල් ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වේ.

ලන්ඩන් නුවර පැවති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට රටකට ටෙස්ට් වරම් ලබා දී තිබෙන්නේ 2000 වසරේදීය. එහිදී බංගලාදේශයට ටෙස්ට් වරම් හිමි විය.

ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්ත මේ වන විට එක්දින සහ 20-20 තරඟාවලි සඳහා සහභාගී වේ. අයර්ලන්තය 2005 වසරේදීත් ඇෆ්ගනිස්ථානය 2009 වසරේදීත් එක්දින වරම් දිනාගනු ලැබීය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය සැලකීමේදී ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් හිමිකරගන්නේ 1981 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 8 =