ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා දෙකක් ඊයේ(22) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නගර් කෝවිල් මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 16.8 ක් සහ 14.6 ක් පමණ දුරකදී එම තහනම් පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් ධීවර කටයුතු වල නිරත වී සිටියදී, දෛනික මුර සංචාරයෙහි නියුතු, උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + twenty =