යළිත් වැස්ස වැඩිවෙයි – සුළි කුණාටු අවධානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ නිරිත දිග ප‍්‍රදේශවලට අද(23) සිට යළිත් වැසි වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථානවල විශේෂයෙන් කොළඹ, රත්නපුරය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 50ටවැඩි) තරමක තද වැසි බලාපොරොත්තු වේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

කෙසේ නමුත් සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මෙම අවස්ථාවේ නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ. ඒ අනුව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =