අගමැති රජිව් ඝාතන සිද්ධියේ වරදකරුවෙක් තමාව මරා දමන්නැයි ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රොබට් පියාස් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට මරණ දඩුවම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

වසර 26ක වැඩි කාලයක් ඔහු බන්ධනාගාර ගතව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලාංකේය දමිළ ජාතිකයෙකු වන ඔහු රජීව් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 07 දෙනාගෙන් එක් අයෙක් වේ.

පියාස්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණ ද පසුකාලීනය මෙම වැරදිකරුවන් 07දෙනාට නිදහස ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබුණි. නමුත් ඉන්දීය අධිකරණ ක්‍රියාවලිය මෙතෙක් මේ සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් නිමාවට පත්ව නොමැති බව වාර්තා වේ.

තමාගේ දුක සැප බැලීමට තවදුරටත් තම ඥාතීන් බන්ධනාගාරයට නොපැමිණෙන බැවින් ජීවත්වීමේ බලාපොරොත්තුවක් නොමැති නිසා අනුකම්පා කර තමාව මරා දැමීම හෝ තමන්ට මරණයට පත්වීමට ඉඩ ලබාදෙන ලෙස මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමිල්නාඩු ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

1991 වසරේ මැයි 21 වැනිදා රජීව් ගාන්ධි හිටපු අගමැතිවරයා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *