කටාර් රාජ්‍යය පැනවූ ඇතැම් කොන්දේසි ඉටු කිරීමට අපහසුයි – අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට පැනවූ ඇතැම් කොන්දේසි ඉටු කිරීමට අපහසු බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා සිටින්නේ, කටාර් රාජ්‍ය මුල් කරගත් අර්බුදය සාකච්ජා මාර්ගයෙන් විසඳාගත යුතු බවය.

සෞදි අරාබිය ඇතුළු රටවල් 4ක් කටාර් රාජ්‍යයට සම්බාධක ඉවත් කිරීම සඳහා කරුණු 13කින් සමන්විත කොන්දේසි මාලාවක් පසුගියදා පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

කටාර් රාජ්‍යයේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව වසා දැමීම ද ඊට ඇතුළත්ය. එහෙත් එම කොන්දේසි කටාර් විදේශ අමාත්‍යවරයා පසුගියදා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු පෙන්වා දුන්නේ එම කොන්දේසි සාධාරණ නොවන මෙන්ම, ප්‍රායෝගික නොවන බවය. කටාර් රාජ්‍යය මුල්කරගත් මැද පෙරදිග අර්බුදය විසඳීමට එම රටවල් එකට වාඩිවී සාකච්ජා කළ යතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *