කොලොම්බියාවේ මගී යාත්‍රාවක් අනතුරට ලක්වී 06ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ග්වාටැපේ නගරයේ පිහිටි පෙනෝල් ජලාශයේදී යාත්‍රාව ගිලී ගියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ එහි සංචාරකයන් 170කට ආසන්න පිරිසක් සිටි බව සදහන්වේ. අනතුරින් පුද්ගලයින් 16දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව එරට බලධාරින් පවසයි.

පුද්ගලයිනේ 133 දෙනෙකු මේවන විට බේරාගෙන ඇත.

කෙසේවෙතත්, අනතුරට හේතුව මෙතෙක් හෙලි වී නොමැත. හමුදා හෙලිකොප්ටර් ටානා සහ කිමිදුම්කරුවන් යොදා ගෙන තවදුරටත් බේරා ගැනීමේ හා සෝදි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *