නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමාසහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (26) පෙරවරුවේ විවෘත කරන ලදී.

සීමාසහිත Celogen Lanka ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු හා සීමාසහිත Celogen Lanka ආයතනයේ සභාපති වී.නඩරාජා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *