මහේලගෙන් පුවත ගැන ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පුවත පිළිබඳ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබා ඇත.

ඔහු පවසා ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවත් තමන්ගේ වැඩි අවධානය මේ වනවිට යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුලනා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සදහා පමණක් බවය.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තමන් පත්කරනු ඇති බවට පලවූ වාර්තා පිළිබදව තමන් ආඩම්බර වන බවත් ඔහු සිය ට්විටර් ගිණුම තුල දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 10 =