රාගමදී ලක්‍ෂ 77ක් කොල්ල කයි

(කොළඹ, ලංකාපුවත්) – කඩවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිමි ඇඳුම් අලෙවිසැලකට මුදල් රැගෙන පැමිණෙමින් තිබූ වෑන් රථයකට රාගම දී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා එහි තිබූ රුපියල් ලක්ෂ 77 ක මුදලක් පැහැරගෙන ගොස් තිබේ.

කඩවත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයට වෙඩි තබා අද(26)දහවල් මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බවය.

මෙම නිමි ඇඳුම් අලෙවිසැලේ වත්තල ශාඛාවේ තිබූ මුදල් කඩවත ශාඛාව වෙත රැගෙන එමින් තිබියදි මෙම කොල්ලකෑම සිදුව ඇත.

මේ සම්බන්ධ සැකකරුවන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිව නොමැත.

සිද්ධිය පිළිබඳ කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් මේවන විට විමර්ශව ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 3 =