සෞඛ්‍ය අමාත්‍යාංශයට අලාභහානි සිදුකිරීමට අදාළ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉකුත් 21වනදා බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සදහන් කරන ලද්දේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන සිසුවෙකු සියඹලාණ්ඩුව පොලීසිය විසින් සහ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් සියඹලාණ්ඩුව සහ කටාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සහ 22 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

ඔවුන් අද(26) සියඹලාණ්ඩුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 21 වනදා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවට අලාභ හානි සිදු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් මිට පෙරද අන්තර් විශ්විවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් සිසුන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *