පාකිස්තානයේ ඉන්ධන ලොරිරථ අනතුරෙන් මියගිය ගණන 150 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ බහාවල්පූර් නගරයේ අධිවේගී මර්ගයේ ඉන්ධන රැගත් ලොරි රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඉන්ධන රැගත් ලොරි රථයක ටයරය පුපුරා යාමෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබුණි.

කරච්චි සිට ලාහෝර් දක්වා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ ඉන්ධන ලීටර 25,000ක් පමණ තිබී ඇති බව වාර්තා වේ.

ඉන් කාන්දු වූ ඉන්ධන එකතු කර ගැනීමට පුද්ගලයින් පිරිසක් කටයුතු කරන අතරතුර ලොරි රථය ගිනිගෙන ඇත. ඉන්ධන එකතු කිරීමට පැමිණි අයෙකු දුම්වැටියක් දල්වාගෙන සිටි අවස්ථාවක එයින් මෙම ගින්න ඇතිව තිබෙන බවට මේවන විට සිද්ධිය පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම් විශ්වාසය පළ කර සිටි.

මෙම අනතුරෙන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවයේ සදහන් වේ.

සිද්ධියත් සමග ඇති වූ ගින්නෙන් මෝටර් රථ 06ක්, යතුරු පැදි 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනා ගැනීම සඳහා DNA පරික්‍ෂණ සිදු කළ යුතු බව පාකිස්තාන පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *