ජනපති හා සයිටම් සභාපති අතර අද සාකච්ජාවක්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් අර්බුදය සම්බන්ධව එම ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද(27) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

රජය ගත් තීරණයකට අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සිසුන් අපහසුතාවයට පත්වීම හා තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතය.

සයිටම් විරෝධී අරගලයක නිරත ඇතමුන් සිසුන් අධ්‍යාපනය සදහා විදෙස් රටවලට යැවීමේ නිරත පුද්ගලයින් සමග සබදතා පවත්වන බවට සයිටම් සභාපතිවරයා චෝදනා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 3 =