තමිල්නාඩු ප්‍රධාන ඇමති යළි ඉන්දීය අගමැතිට ලියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය කාලය තුළ ඉන්දීය ධීවරයින් හතලිස් දෙදෙනෙකු හා ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 141ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *