මාතර කඹුරුපිටියේ එකම පවුලේ හතරක් මරුට – නිවස ගිණි ගිනියි

(කොළඹ, ලංකාපුවත්) – මාතර කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනෙක් අභිරහස් ලෙස මියගොස් නිවසද ගිණිගෙන තිබේ.

ඊයේ(26) රාත්‍රීයේ 10ට පමණ මෙම නිවස ගිණි ගන්නා බව ප්‍රදේශවාසීන් දැක තිබේ. අනතුරුව ඒ පිළිබඳ 119 තොරතුරු මධ්‍යස්ථානයට දැනුම් දීමක් කර ඇත.

ගම්වාසීන් නිවස වෙත ළඟා වන විට දැත තිබෙන්නේ නිවසේ සිටි 04දෙනාගේ සිරුරු ඉඩමේ ගස්වල එල්ලෙමින් තිබෙන බවය. නිවස ඉදිරිපිට තිබූ ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ තංගුස් ළණුවල ආධාරයෙන් එම නිවසේ වාසය කළ පියා දියණියන් දෙදෙනා සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි සාමණේර භික්ෂු පුතා මෙලෙස මිය ගොස් තිබේ.

දියණියන් දෙදෙනාගේ සහ භික්ෂූන් වහන්සේගේ අත් ගැට ගසා තිබූ බැවින් පියා විසින් මොවුන් ඝාතනය කර නිවසට ගිණි තබා පසුව පියාද සියදිවි නසා ගන්නට ඇති බවට පොලීසිය විශ්වාස කරනු ලැබේ.

මෙම පවුලේ මව දැනට මාසයකට පමණ පෙර පවුල් ආරවුලක් හේතුවෙන් මොවුන් අත්හැර ගොස් ඇති බව සදහන් වේ. දියණියන් දෙදෙනා වයස අවුරුදු 16 සහ 10 වන අතර සාමණේර භික්ෂූන් වහන්සේගේ වයස අවුරුදු 14කි.

දෙයියන්දර මහේස්ත්‍රාත්වරයාගේ මූලිත්වයෙන් අද උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *