වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම් – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම්වන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එයින් භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයට එකතු කිරීමේ මාර්ගයක් විවර කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

GSP+ සහනයත් සමග මෙය ඉතා පහසු කටයුත්තක් බවට පත්වනු ඇති බවට රවී කරුණානායක අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ඇමතිවරයා කියා සිටියේ “ඒ සදහා අපේ රාජ්‍යන්ත්‍රික දුත සේවයත් සුදානම් කළයුතුයි. විදේශ රටවල අපේ තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල 64ක් පමණ තිබෙනවා. වැඩකට නැති සමහර තානාපති කාර්යාල වසාදමා, රටට ප්‍රයෝජනයක් තියෙන ආකාරයට තානාපති කාර්යාල විවෘත කරන්නත් අපි අපේක්ෂා කරනවා. දැනට 64ක් වන තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල එළඹෙන කාලසීමාව තුල 70ක් දක්වා වැඩිකිරීම රජයේ අරමුණයි.
මේ රාජ්‍ය දුත මෙහෙවර සදහා වැයවන්නේ අපේ රටේ ජනතාවගේ බදු මුදල්, ඒ නිසා මේ වියදම් කරන හැම සතයක්ම රටට ප්‍රයෝජනයක් තිබිය යුතුයි. මේ වනවිට විදේශයන්හි සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරු තුන්දෙනෙක් යළි ශ්‍රී ලංකාවට කැදවා තිබෙනවා. පසුගිය සමයේ විදේශගත වූ බොහෝ පිරිසක් විදේශයන්හිදී අනවශ්‍ය ලෙස VIP පහසුකම් ලබාගෙන තියෙනවා. අවශ්‍ය අයට VIP දෙන එක ගැටළුවක් නැහැ, හැබැයි බොහෝ අවස්ථාවලදී VIP පහසුකම් ලබාගෙන තිබෙන්නේ අනවශ්‍ය පුද්ගලයන්, මම මේ ගැන ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් පෙන්නලාදුන්නා. ඒ අනුව මේ තත්වය වහාම සීමා කරන්න දැනට පියවර ගෙන තිබෙනවා.” යනුවෙන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =