සති දෙකකට වරක් පාසල් දරුවෙකු වාහන අනතුරකින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – සති දෙකකට වරක් පාසල් දරුවෙකු වාහන අනතුරකින් මිය යන බව ජාතික මාර්ග ආරක්ෂණ කමිටුව පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසන ලද්දේ වාහන පැදවීම පමණක් නොව මහ මග ගමන් කිරීම ද දැන් අනතුරුදායක බවය. බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ(26) පැවති දේශනයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඩෙංගු රෝගය හේතුවෙන් සියය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වන විට එම සියයයෙන් 25දෙනෙකුම පාසල් ළමුන් වන බව පෙන්වා දුන් සිසිර කෝදාගොඩ මහතා, මාර්ග අනතුරු ගත් විට අවම වශයෙන් දවස් 14කට වරක් අහිංසක දරුවෙක් ජීවිතයෙන් සමුගන්නා බව පැවසීය.

පසුගිය වසරවල ත්‍රිරෝද රථ අනතුරු මරණ අඩුවීමක් පැවතිය ද මේ වසර තුළ යළිත් ත්‍රිරෝද රථ අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එසේම මාර්ගයේ ගමන් කරන පදිකයින්ගේ මරණ සංඛ්‍යාව ද වැඩි වී තිබේ. මුළු මරණවලින් පුද්ගලයින් 800ක් මිය ගොස් ඇත්තේ පදික අනතුරු මාර්ග හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *