සයිටම් විරෝධි උද්ඝෝෂණය ජනතාවට හිරිහැර නොවන ලෙස කරන්නැයි අධිකරණ නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුව ආශ්‍රිතව අද(27) පස්වරුවේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මාර්ගය අවහිර නොවන ලෙස හා ජනතාවට හිරිහැරයක් නොවන ලෙස පවත්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කුරුදුවත්ත පොලීසිය, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනූවය.

අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බල මණ්ඩලය විසින් සිදු කරන මෙම උද්ඝෝෂණය මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *