29වනදා සිට රේල් පාරේ ගමන් කළොත් දඩ

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් ලබන බ්‍රහස්පතින්දා(29) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක්‌ වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත්, එහිදී ඔවුන්ට රුපියල් තුන් දහසක දඩයකට යටපත් වීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ආරක්‍ෂක අංශ සේවා ස්‌ථාන 26 කට අයත් නිලධාරීන් 500 ක්‌ පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉලක්‌ක කොට මෙම වැටලීම් සිදුකරනු ඇත.

මේ වන විට එම අනතුරුදායක තත්ත්වය හා එම වරදේ බරපතළකම පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරගෙන යන බවද ඊට මහජනයාගෙන් විශාල ප්‍රතිචාරයක්‌ ලැබී ඇතැයිද හෙතෙම කීය.

ජංගම දුරකථන භාවිත කරමින් හා සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉකුත් දින කීපය තුළ විශාල ලෙස ඉහළ යැම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය පසුගිය 14 වැනි දා සිට බලාත්මක කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *