(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තාවකාලිකව කටයුතු කිරීමට දකුණු අප්රිකාවේ හිටපු කඩුලු රකින ක්රීඩක නික් පෝතාස් පත් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ හා ඉන්දීය තරගාවලි සඳහා පුහුණුකරු ලෙස ඔහු ක්රියා කෙරේ.
මේ අතර සිම්බාබ්වේ හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලිය සදහා ශ්රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
ඇංජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය හිමිවී ඇත්තේ උපුල් තරංගටය. නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, නුවන් ප්රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ලහිරු මධුශංක සෙසු ක්රීඩකයන් වේ.