නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට

(කොළඹ, ලංකාපුවත්) – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.

ඊයේ(28) උදෑසන පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම අනුමැතිය ලැබුණු බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේය.

ඉදිරියේදී සයිටම් ආයතනය පුණ්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතයක් ලෙස පවත්වාගෙන යාම හෝ 51ක් රජයට තබාගෙන ඉතිරි 49ක් කොටස් වෙළෙඳ‍පොළට ලබාදීම යන යෝජනා ත්‍රිත්වය සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් ඇතුළත් කර ගැනීම සහ මොරටුව, වයඹ සහ සබරගමුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමත් අනුරාධපුරය සහ රත්නපුරය රෝහල් ශික්ෂණ රෝහල් ලෙස පවත්වාගෙන යාමටත් නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =