රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජය කිසිවිටකත් රට බෙදීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. රට පාවාදුන් පිරිස් දැන් බලයේ නැති බව අග්‍රාමාත්‍යවරය පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබද සම්මන්ත්‍රණය අමතමිනි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එය පැවැත්වුනි.

එහිදී අගමැතිවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ

“අප හැමෝම එකග වෙනවා මෙම රාජ්‍ය බෙදන්න බෑ කියලා. රටේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිතයි. රට පාවාදුන් කොටස් දැන් නෑ.මේ වනවිට අගවිනිසුරුවරයාට නිදහසේ තීන්දු තිරණ ගන්න උපරිම බලය ලබා දී තිබෙනවා. බුදුදහමට ඇති ස්ථානය ව්‍යවස්ථාවේන් කිසිවිටකත් අහිමිකිරිමේ යෝජනාවක් නෑහැ..” යනුවෙනි.

මෙම සම්මන්ත්‍රණය සදහා දකුණු ආප්‍රිකාවේ හිටපු අගවිනිසුරු ඩික්ගැන් මොසේනේකේ මහතා සහ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + sixteen =