වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ගමන්කළ හෙලිකොප්ටර් යානයක සිට අත් බෝම්බයක් අධිකරණ භූමියට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එසේම වෙඩි තැබීමක් ද සිදුව ඇති බව සදහන් වේ.

වෙනිසියුලාවේ කරාකස් නගරයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ප්‍රහාරය එල්ලවී ඇත.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් වියහැකි බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පවසා තිබේ.

කෙසේ නමුත් හෙලිකොප්ටර් යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකු බව සඳහන්වේ. ඒ සම්බන්ධ වීඩියෝ පටයක් අන්තර් ජාලයට නිකුත්කර ඇති ඔහු වෙනිසියුලා රජය දැඩි ලෙස විවේචනයකර තිබේ.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

වෙනිසියුලාවේ පවතින ආර්ථික, දේශපාලන නොසන්සුන්කාරී වාතාවරණය මත ජනතාව රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *