හමුදාපතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා , ජෙනරාල් තනතුරට උසස් කොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර තිබේ.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් තනතුරට උසස් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාධිපති ලෙස 2015 පෙබරවාරි මස 22 වන දින සිට රාජකාරී හොබවන ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 1980 පෙබරවාරි මස 6 වන දින යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කැඩෙට් නිලධාරියෙක් ලෙස එක් වන අතර 1981 ජූලි 18 වන දින 2 වන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරි ලබා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්තව සිය හමුදා දිවිය ආරම්භ කර තිබේ.

පිළිවලින් 1985 දී කපිතන් නිලයටත්, 1989 දී මේජර් නිලයටත්, 1994 දී ලුතිනන් කර්නල් නිලයටත්, 1997 දී කර්නල් නිලයටත්, 2003 දී බ්‍රිගේඩියර් නිලයටත්, 2009 නොවැම්බර් මස 30 වන දින මේජර් ජෙනරාල් නිලයටත් උසස්වීම් ලැබ 2015 පෙබරවාරි මස 22 වන දින යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *