ජීඑස්පී සහනයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් – ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය

(කොළඹ, ලංකාපුවත්) – ජීඑස්පී ප්ලස් බදු සහනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට වාසිදායක බව, ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය (OBG) පවසයි.

ඉදිරි වසර 05 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශක්තිමත් කරමින් පෞද්ගලික අංශයේ පිබිදීමට එය හේතුවන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඉකුත් මැයි 19 වනදා යුරෝපා සංගමය විසින් ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට යළිත් නිල වශයෙන් පිරිනමනු ලැබීය.

මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසර ආරක්ෂණය හා යහපාලනය සුරැකීමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග හා තවත් සම්මුතීන් 27ක් එම තීරණයට හේතු විය. ජීඑස්පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දීමෙන් සහන හිමිවන නිෂ්පාදන සංඛ්‍යාව 6,000කට අධිකය.

ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය පෙන්වා දෙන්නේ බදු සහනය මගින් ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රවාහයන් තවදුරටත් පුළුල් වෙමින් වාසි හිමිවන බවය.

පසුගිය වසරේදී වාර්තා වූ ද්වීපාර්ශවීය වෙළඳාමෙන් යුරෝ බිලියන 4 ක් පමණ වූ අතර, යුරෝපීය රටවල්වලට යුරෝපීය රටවල් සඳහා ශ්‍රී ලංකාවේ අපනයන යුරෝ බිලියන 2.6 ක් වූ අතර එය විශාල වෙළඳ අතිරික්තයක් ලබා දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *