ෆේස්බුක් භාවිත කරන්නන් කෝටි 200 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ෆේස් බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කෝටි 200 ඉක්මවා තිබේ.

අදාළ සමාජ වෙබ් අඩවි නිර්මාණය කරන වසර 13කට පසුව මෙම තත්ත්වය අත් කරගෙන ඇත.

ෆේස් බුක් සමාජජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය ගිණුමේ දක්වා ඇත්තේ, මේ වන විට ෆේස්බුක් සාමාජික සංඛ්‍යාව නිල වශයෙන් බිලියන දෙකක් බවය. ඔහු එය පළකර ඇත්තේ හාර්වඩ් ප්‍රදේශයේ සිටින අතරතුරය.

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කෝටි 100 පසුකරනු ලැබුවේ 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ය. ඒ අනූව එම සංඛ්‍යාව දෙගුණයක්වීමට ගතව ඇත්තේ වසර 05කටත් අඩු කාලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *