තැපැල් සේවක වර්ජනය අද අවසන් බව ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් සේවකයින් අද(29) දිනයේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවට ප්‍රකාශ කළ බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පැවසීය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සම්මේලයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා පිළිගත හැකි විසදුමක් ලබාදෙන්නේ නම් පමණක් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හිටුවීමට සූදානම් බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා,

“තැපැල් සේවකයින්ගේ ගැටලු විසදිම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටෙව්වා. අප අමාත්‍යාංශයේ ලේකම්තුමා, තැපැල්පතිතුමා, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ආදි කණ්ඩායමක් මෙහි කටයුතු කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

අගමැතිතුමා ගේ ස්ථාවරය තමා තැපෑලද ආධායම් උපයා ගැනීම සඳහා යොදවා ගැනීම. තැපෑල් කාර්යාලයක් යම් ස්ථානයකින් ඉවත් කළොත් අපට ඒ සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලැබෙනවා. මහ තැපැල් කන්තෝරුව පසුගිය පාලන කාලයේ එදා සිටි ජනාධිපතිවරයාට සම්බන්ධ ආහාර පරීක්ෂා කරන මධ්‍යෂ්ථානයක් ලෙසයි පවත්වාගෙන ගියේ. අපි නැවත එය ලබා ගත්තා. දැන් එහි තිබෙන්නෙ ආරක්ෂක ගැටලුවක්. එයටත් අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ කාරණයට වෘත්තීය සමිතිද එකඟයි. වෘත්තීය සමිති මා සමඟ පැවසුවේ හෙට වන විට වෘත්තිය ක්‍රියා මාර්ගය අවසන් කරන බව.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =