ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද(29) පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම පරාජයට පත්විය. ඒ නවසීලන්තය හමුවේ දීය.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පළමු කඩුලු තුන හොඳින් ලකුණු අතර සිටියත් පසුපෙළ පිතිකාරිණියන් ලකුණු ලබා නොගැනීම එම පරාජයට හේතුව බව ක්‍රීඩා විචාරකයන් සඳහන් කර තිබුණි.

තරගාවලියේ සිටින විශිෂ්ටතම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව අද දිනයේ දී හොඳින් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ඉනෝකා රණවීර සඳහන් කර සිටියි.

තම කණ්ඩායමේ සුපිරි පිතිකාරිණිය ලෙස සැලකෙන චමරි අතපත්තු අද දිනයේ දී කණ්ඩායමට සිය පිත්තෙන් හොඳ දායකත්වයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉනෝකා රණවීර වැඩිදුරටත් සඳහන් කළාය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 02.30ට ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 10 =