ඔබාමා බාලි දූපතට යයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ පවුලේ නියෝජිතයින් මේ දිනවල ඉන්දුනීසියාවේ බාලි දූපත්හි සංචාරයක නිරත වේ.

හිටපු ජනාධිපතිවරයා ඊයේ දිනයේ දී පෞද්ගලික ජෙට් යානයකින් යොගියොකර්තා වෙත පැමිණි බව වාර්තා වේ.

එහිදී ඔබාමා, ඉතා සැහැල්ලුවෙන් සහ විනෝදකාමීව සංචාරයේ නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මීට පෙර බරක් ඔබාමා ඉන්දුනීසියාවට පැමිණ ඇත්තේ1967 වර්ෂයේ දී ය. ඒ සිය මව, මානව විද්‍යාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී ය. අනතුරුව මව, පියාගෙන් වෙන්වීමෙන් පසු ද ඉන්දුනීසියාවේ ගතකර ඇති අතර ඔබාමා වයස අවුරුදු 10 දී අමෙරිකාවේ සිටින සිය මිත්තනිය වෙත ගොස් ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.

ඉන්දුනීසියාවේ බාලි සහ යොගාටා ඓතිහාසික නගරයක් වන අතර එහි සංචාරක ආකාර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් නැරඹීමට හිටපු ජනාධිපතිවරයා ගොස් තිබේ.

හිටපු ජනාධිපති ඔබාමාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දුනීසියානු හමුදා නිලධාරීන් 650ක් යොදවා ඇත.

හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ මිෂෙල්, දියණියන් දෙදෙනා වන මලිආ සහ සාෂා මෙලෙස
ඉන්දුනීසියාව දින 06ක් සංචාරය කිරීඹට සැළසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *