රථවාහන වැරදි සම්බන්ධ දඩපත්‍රිකා ගෙවීමට සතියක සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර ඇත.

මේ දිනවල රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවලට අදාළ මුදල් තැපැල් කාර්යාලවලට ගෙවීමේ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. එබැවින් දඩ පත්‍රිකා ලබාගත හැකි වැරදි සම්බන්ධව නඩු පැවරීම සදහන් දිනයට සතියක සහන කාලයක් ලබා දීමට පොලිසිය කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කර සිටි.

මෙසේ ලබාදී ඇති දඩ පත්‍රිකා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර අදාළ දඩ මුදල් ගෙවීමෙන් පසු රිසිට් පත අදාළ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතින බව දැනුම් දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *