වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටරය සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා වෙනිසියුලාවේ කරාකස් අගනගරයේ ගොඩනැගිලි දෙකකට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටර් යානය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ආරක්ෂක අංශ විසින් වාගස් ප්‍රාන්තයේ වෙරළ තීරයක් අසල තිබී එම යානය සොයා ගත් බව එරට උප ජනාධිපති තාරික් එල් එයිසාමි ප්‍රකාශ කර ඇත.

අයහපත් කාළගුණය ද නොතකා එම යානාව සොයා ගැනීමට හමුදාවට හැකි වූ බව ඔහු අදහස් දක්වමින් පවසා තිබේ.

යානය පැදවූ තැනැත්තා ඔස්කා පෙරෙස් නම් පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වන මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *