අනවසරයෙන් කසළ බැහැර කළ 1180කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 18වනදා සිට 27වනදා දක්වා කාලය තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 1180ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ කාල සීමාවේ දී පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන ලදි.

එහිදී උතුරු කොළමින් පුද්ගලයින් 169ක්, මධ්‍යම කොළඹින් පුද්ගලයින් 215ක්, දකුණු කොළඹින් පුද්ගලයින් 72ක්, නුගේගොඩින් පුද්ගලයින් 140ක්, ගල්කිස්සෙන් පුද්ගලයින් 27ක්, ගම්පහින් පුද්ගලයින් 250ක්, කැළණියෙන් 153ක්, මීගමුවෙන් 65ක්, කළුතරින් 04ක් සහ පානදුරෙන් 85දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *