අයි එස් සංවිධානයේ අවසානය ලගා වී තිබෙනවා – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්ත සංවිධානයේ අවසානය ලගා වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන් පවසයි.

මොසූල් නගරය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සදහා ඉරාක ආරක්ෂක අංශවලට සහාය දීමට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ත්‍රස්ත ඉලක්ක හත් දහසකට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා සදහන් කර ඇත.

අයි එස් ත්‍රස්තයින්ගේ බලකොටුවක්වූ රකා නරගයේ පාලනය ද ඔවුන්ගෙන් ගිලිහී ඇති බව මයිකල් ෆැලන් පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් පන්සිය දෙනෙකු ඉරාකයේ රැදී සිටි.

වසර විසි පහකට පසු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව එක්ව සිටින දැවැන්තම හමුදා මෙහෙයුම මෙය බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 10 =