ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාට දඬුවම් නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් ජෝර්ජ් පැල් හට එල්ලවී තිබූ ළමා අපහරණ චෝදනා වලින් ඔහුව වැරදිකරු බවට තීන්දු වී ඇත.

කාදිනල් ජෝර්ජ් පැල්, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

මේ වන විට වතිකානුවේ රැදී සිටින කාදිනල් ජෝර්ජ් පැල් හට අදාළ තීන්දුව දැනුම් දී ඇති අතර ඔහු එම තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් සහ අනුමැතිය ලද විගස ඔහු ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂිත බවද වාර්තා වේ.

ලබාදුන් තීන්දුව ට එරෙහිව තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට උසාවියේ තමන්ට හිමි දිනය එළඹෙන තුරු බලා සිටින බව කාදිනල් ජෝර්ජ් පැල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වික්ටෝරියානු පොලීසිය විසින් කාදිනල්ජෝර්ජ් පැල් හට එරෙහිව ගෙන ගිය මෙම ළමා අපයෝජන නඩුව මෑත කාලීන ලෝකයේ කතෝලික සභාවේ ඉහළම තනතුරක් දරන පූජකයෙකු හට විරුද්ධව ගෙන ගිය එකම නඩුව ලෙසද ඉතිහාසගත වේ.

තීන්දුව පිළිබඳ සැලවූ වහාම ඉතාලි පුවත්පත් කාදිනල් ජෝර්ජ් පැල් ගේ ඡායාරූප සහිතව අදාළ පුවතට ප්‍රධාන තැනක් දෙමින් මුද්‍රණය කර තිබු අතර රූපවාහිනී නාලිකාද කාදිනල් ජෝර්ජ් පැල්, පසුගිය වසරේදී මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දුන් රූප රාමු වැඩි වශයෙන් විකාශය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 8 =